තවත්
    මුල් පිටුවදේශීය පුවත්දෙමටගොඩ රුවන්ගේ සහ චමින්දගේ රුපියල් කෝටි 114ක වත්කම් තහනම් - ඒත්...

    දෙමටගොඩ රුවන්ගේ සහ චමින්දගේ රුපියල් කෝටි 114ක වත්කම් තහනම් – ඒත් එම වත්කම් තාමත් පරිහරණයේ

    පාතාලයේ මත්කුඩු ඡාවාරම්කරුවන් වන දෙමටගොඩ චමින්ද සහ රුවන් නැමැති දෙසොයුරන්ට අයත් රුපියල් කෝටි 114 ක පමණ මුදල් සහ දේපොල තහනම් කිරීමට මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් සහ දේපොළ පිළිබද විමර්ශන කොට්ඨාශය සමත්ව ඇත.

    සොයාගත් මොවුන්ට අයත් වාහන, රන් භාණ්ඩ, මුදල් හැරුණු කොට නිවාස සහ ගොඩනැගිලි ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මෙතෙක් භුක්ති විදිමින් සිටිති. ඊට හේතුවී ඇත්තේ එම දේපොල සම්බන්ධයෙන් විගනනයක් කිරීමට ඇති බැවින් විගණනය ප්‍රමාදවීම නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    දෙමටගොඩ පිහිටි ගොඩනැගිලි කිහිපයක් ඔවුන් විවිධ ව්‍යාපාරික ස්තානයන්ට බදුදී තිබෙන බවත් ඇතැම් ගොඩනැගිලිවල ඔවුන්ගේම ව්‍යාපාර පවත්වාගෙන යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කෙසේ වෙතත් දෙමටගොඩ රුවන්ට සහ චමින්දට අයත් දේපොල රැසක් සොයාගෙන ඇතත් දෙමටගොඩ නගරයේ දෙමටගොඩ පොලීසිය ආසන්නයේ ඇති ඉකුත් ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේදී දේශපාලන කාර්යාලයක් ලෙස පවත්වාගෙන ගිය තෙමහල් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පොලීසියේම තොරතුරු අනාවරණය කළේය.

    ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කරනු ලැබුවේ එවන් ගොඩනැගිල්ලක් ගැන තොරතුරු ඇති බවත් යම් විමර්ශනයකින් පසු අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවය.

    පොලීසියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනු ලැබුවේ මේ වන විට නීති විරෝධීව මුදල් උපයන ලද පුද්ගලයින් 1,100 ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවය. මේ වන විට එසේ නීති විරෝධීව මුදල් උපයා ඇති බව විමර්ශනවලින් තහවුරු වූ 21 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයිද අජිත් රෝහණ මහතා පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img