Home උණුසුම් පුවත් “විමල් – උදය ගියාම ඇතිවිය හැකි දේශපාලන වෙනස මේ මොහොතේ වැදගත් නෑ”

“විමල් – උදය ගියාම ඇතිවිය හැකි දේශපාලන වෙනස මේ මොහොතේ වැදගත් නෑ”

“විමල් – උදය ගියාම ඇතිවිය හැකි දේශපාලන වෙනස මේ මොහොතේ වැදගත් නෑ”

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමෙන් පසු ඉදිරියේදී ඇතිවිය හැකි දේශපාලන තත්ත්වයන් මේ මොහොතේ එතරම් වැදගත් නොවන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා සදහන් කරන්නේ මේ මොහොතේ රටේ ඇති ප්‍රධාන ගැටළුව වන ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ගැනීම ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය වී ඇති බවයි.

අමාත්‍යධූර දරමින් රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම අනුමත කළ නොහැකි බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව බිහිකිරීමට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් කළ සේවය කිසිවිටෙකත් අමතක නොකරන බවද හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here