Home උණුසුම් පුවත් බෙලරූසයේ ලාංකික සිසුන්ට රජයෙන් දැනුම්දීමක්

බෙලරූසයේ ලාංකික සිසුන්ට රජයෙන් දැනුම්දීමක්

බෙලරූසයේ ලාංකික සිසුන්ට රජයෙන් දැනුම්දීමක්

බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගෙන් මෙරටට තාවකාලිකව පැමිණීමට අපේක්ෂා කරන සිසුන්ට මොස්කව් හරහා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පහසුකම් සැලසීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

මීට අදාළව බෙලරුසයේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එවැනි සිසුන්ට මොස්කව් හරහා ගමන් කිරීම සඳහා හදිසි පදනමක් මත සංක්‍රමණ වීසා නිකුත් කිරීමට කටයුතු සලසා ඇත.

ඒ අනුව, තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බෙලරුසයේ සිටින සියලුම ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා ගමන් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය කාරුණිකව උපදෙස් දෙයි.

ශ්‍රී ලාංකික සිසුන් 1,561 දෙනෙකු පමණ උසස් අධ්‍යාපනය ලබන, බෙලරුසයේ පිහිටි සියලුම විශ්වවිද්‍යාල සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමීප සබඳතා පවත්වයි.

වැඩිදුර තොරතුරු සඳහා පහත සඳහන් දූරකතන අංකය හා විද්‍යුත් ලිපිනය (24×7) ඔස්සේ මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

දූරකතන: +79801445726
විද්‍යුත් ලිපිනය: [email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here