තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමතිකම නැතිවුණේ කාගේ කීමටදැයි විමල් හෙළිකරයි

    ඇමතිකම නැතිවුණේ කාගේ කීමටදැයි විමල් හෙළිකරයි

    තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට හේතුවූ කරුණු පිළිබඳ හිටපු කර්මාන්ත අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද ප්‍රකාශයක් කර තිබේ.

    ‘මුළු රටම හරි මඟට’ ප්‍රකාශනය එළිදැක්වීමේදී කළ කතාව හේතුවෙන් සිය අමාත්‍ය ධුරය අහිමි වූ ආකාරය පිළිබඳ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම කරුණු ඉදිරිපත් කළේ අද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයින් සමඟ මාධ්‍ය හමුවක් අමතමිනි. එම පක්ෂ එක්ව පසුව සාකච්ඡාවක් ද පවත්වා ඇත.

    “දැනට අපිට ලැබිල තියෙන තොරතුරුවල හැටියට ඒ ප්‍රකාශවලින් පස්සේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා කියලා තියෙනවා මමයි උදය ගම්මන්පිල ඇමති තනතුරුවල ඉන්නවා නම් ඇමති මණ්ඩලේට එයා එන්නේ නෑ කියලා. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන් සියලු අවස්ථාවලදී වගේම, පවුලේ බලපෑමට යටත්ව ඔහු තීරණය කර තිබෙනවා තමන්ගේ සහෝදරයා ඇමති මණ්ඩලයට නොඑන එක වළක්වා ගැනීම සඳහා අප දෙදෙනා අමාත්‍ය තනතුරුවලින් ඉවත් කරන්න. ඒක ගැන අපිට කිසිම කනගාටුවක් හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ආරෝවක් අපිට නෑ.

    අපි ඒ ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ කරුණු පිළිබඳ. ඉතින් එය ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ජනාධිපතිවරයා හරි ඔහුට උපදෙස් දෙන ඇමැතිවරයා හරි කවුරුහරි හිතනවනම් අපි දෙන්නා ඉවත් කළාම ආර්ථික අර්බුදය හරියයි, ඩොලර් උනනවා, විදුලි කප්පාදුව නතරවෙනවා, පුදුම ආශ්චර්යයක් වෙන්න තියෙනවා කියලා මං හිතන්නේ ආර්ථික අර්බුදයට හේතුව අපි දෙන්නා කියලා හිතන්න ඇති. ආර්ථික අර්බුදයට ගත යුතු පියවර හැටියට වෙන්න ඕන අපි දෙන්නව ඒ අමාත්‍ය තනතුරෙන් ඉවත් කරන්න ඇත්තේ. එහෙම හරි කමක් නෑ රටට ගොඩ එන්න පුළුවන් නම්.

    ආයෙ නම් මේ ජනාධිපතිවරයාගේ ඇමති මණ්ඩලයට ඇමති ධුරයක් දරන්නේ අපේ සූදානමක් නෑ. අපි දන්නා විදියට මේ කටයුතුවලට අගමැතිතුමාගේ කැමැත්තක් නෑ. එතුමා දන්නවා දේශපාලන කරන විදිය. මේ ආණ්ඩුව පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ තමයි. උදය ගම්මන්පිල මහතාගේ වචනයෙන් කිව්වොත් අවලස්සන ඇමරිකානුවා.

    ඒ විදිහේ අභ්‍යන්තර පාලනයක් ඔහු සතුව තිබෙනවා. ඒ පක්ෂයේ ඉන්න අසරණ මන්ත්‍රීවරුන් වත් ඔහු පාවිච්චි කරනවා. අගමැතිතුමා නං මටත් උදය ගම්මන්පිලටත් අද කතා කළා. මේ ගැන එතුමා යම් වේදනාවක ඉන්නේ. නමුත් ඔහුගේ ස්ථාවරය නෙවෙයි අවසානයේ තීන්දු වෙලා තියෙන්නේ.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img