Home උණුසුම් පුවත් “ඇමති ධුරයේ ඉන්නවා.. ඇමති ධුරයේ කටයුතුවලින් ඉවත් වෙනවා” – ජල සම්පාදන ඇමති

“ඇමති ධුරයේ ඉන්නවා.. ඇමති ධුරයේ කටයුතුවලින් ඉවත් වෙනවා” – ජල සම්පාදන ඇමති

“ඇමති ධුරයේ ඉන්නවා.. ඇමති ධුරයේ කටයුතුවලින් ඉවත් වෙනවා” – ජල සම්පාදන ඇමති

තමන් අද දිනයේ සිට අමාත්‍ය ධූරයේ කටයුතුවලින් ඉවත්ව සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

“එනම් ඉදිරි වසර 3දීම ඇමති මණ්ඩලේට යන්නේ නෑ.. ඇමති ධුරයේ කිසිදු වගකීමක් ඉටු කරන්නේ නෑ” යැයි ද හෙතෙම කීය.

මෙය ඇමති ධුරයෙන් ඉවත්වීමක් නොවන බව ද හෙතෙම කීය. “ඕනේ නම් ඇමති වැටුපත් ගන්නේ නැතිව ඉන්න පුළුවන්. මන්ත්‍රී වැටුප ඇති මට යැපෙන්න.” යැයි ද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කීය.

ඇමතිකම්වලින් ඉවත් කළ උදය ගම්මන්පිළ, විමල් වීරවංශ ඇතුළුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක පක්ෂ නායකයින් එක්ව අද පැවැති මාධ්‍ය හමූවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here