Home උණුසුම් පුවත් ‘මුළු රටම හරිමඟට’ ගිය පොහොට්ටු මන්ත්‍රීලා දෙදෙනා ගැන තීරණයක් ගනී

‘මුළු රටම හරිමඟට’ ගිය පොහොට්ටු මන්ත්‍රීලා දෙදෙනා ගැන තීරණයක් ගනී

‘මුළු රටම හරිමඟට’ ගිය පොහොට්ටු මන්ත්‍රීලා දෙදෙනා ගැන තීරණයක් ගනී

වත්මන් ආණ්ඩුවට සහය දක්වන හවුල්කාර පක්ෂ 11 ක් විසින් ඊයේ (2) පැවැත්වූ “මුළු රටම හරිමඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගීවූ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය කමිටුවේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

මහලේකම්වරයා පවසන්නේ එම වැඩසටහනට තම පක්ෂයයට ආරාධනා කර නොතිබූ බවයි.

එවැනි පසුබිමක තම පක්ෂයේ සාමාජිකත්වය දරණ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මන්ත්‍රීවරයා අදාළ වැඩසටහනට එක්වීම අනුමත කළ නොහැකි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා පවසන්නේ.

එමෙන්ම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ⁣එම අවස්ථාවේදී කළ ප්‍රකාශ අනුමත නොකරන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here