Home උණුසුම් පුවත් විදුලිය හොරුන් 120ක් අල්ලයි

විදුලිය හොරුන් 120ක් අල්ලයි

0
විදුලිය හොරුන් 120ක් අල්ලයි

නීති විරෝධි ලෙස සිය නිවෙස්වලට විදුලිය ලබාගත් පුද්ගලයින් 120 දෙනෙක් ග්‍රෑන්ඩ්පාස් සජීමා වත්තෙන් අත්අඩංගුවට ගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කළේය.

ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ සහයෝගය ඇතිව මෙම වැටලීමකර ඇත්තේ අද අළුයම් කාලයේදීය.

මෙම වත්තේ වැසියන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් බෙදා හැරන විදුලිය සිය නිවෙස්වල පරිහරණයට වංචනිකව ලබාගෙන ඇති බවට විදුලි බල මණ්ඩලයට දිගින් දිගටම ලද තොරතුරුවලට අනුව මෙම වැටලීම කළ බව විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි.

මෙසේ අනවසරයෙන් ලබාගත් විදුලි රැහැනක ඇතිවූ කාන්දුවකින් ඉකුත් වසරේදී මෙම වත්තේ නිවසකට ගිනි ඇවිලී එය පැතර යාමෙන් නිවාස රැසකට හානිවූ බව ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ නිලධාරියෙක් සඳහන් කළේය.

අත්අඩංගුවටගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට භාරදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here