තවත්
    මුල් පිටුවදේශීය පුවත්විදුලි අර්බුදය මඟහරවා ගැනීමට ජනපති මැදිහත් වෙයි

    විදුලි අර්බුදය මඟහරවා ගැනීමට ජනපති මැදිහත් වෙයි

    මේ වන විට පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

    විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව උපදෙස් දුන් බව ජනාධිපතිවරයා ඒහිදී පැවසූ බව ජනක රත්නායක මහතා පවසයි.

    පැය හතහාමාරක විදුලි කප්පාදුවක් අද දිනයේ සිදුවන බව සභාපතිවරයා විසින් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කරනු ලැබීය. ඒහිදී ඔහු පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් රජයට දැඩිව දෝෂාරෝපනය කළේය. ඒහිදී ඔහු අවධාරණය කරනු ලැබුවේ ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ඉන්ධන ආනයන සදහා අවශ්‍ය විදේශ විනිමය ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට, ජනාධිපතිවරයා විසින් ද උපදෙස් දී තිබුණද ඒ උපදෙස්වලට අනුව අදාල පාර්ශ්වයන් ක්‍රියාකර ඇති බවක් නොපෙනෙන බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img