Home දේශීය පුවත් ඉන්ධන පිරවුම්හල් අසල සාමය රකින ලෙස පොලිස්පතිගෙන් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක්

ඉන්ධන පිරවුම්හල් අසල සාමය රකින ලෙස පොලිස්පතිගෙන් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක්

0
ඉන්ධන පිරවුම්හල් අසල සාමය රකින ලෙස පොලිස්පතිගෙන් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක්

ඉන්ධන පිරවුම්හල් අසල මහජනතාව පෝලිම්වල රැදී සිටින අවස්ථාවන්වලදී යම් කලහාකාරී සිදුවීම් ඇතිවීම වැළැක්වීම සදහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකකළ යුතු බවට දිවයිනේ සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකුට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා දැනුම් දී තිබේ.

ගොවි අවශ්‍යතා සහ කෘෂි කාර්මාන්තය සඳහා යොදා ගන්නා උපකරණ සඳහා කෑන් හෝ බූලි මඟින් ඉන්ධන ලබාගැනීමට පැමිණෙන ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සදහාත් සංචාරක ක්ෂේත්‍රයට අදාල සංචාරකයින් ප්‍රවාහනය කරන රථවාහන සහ ගිලන් රථ, ගිනි නිවීමේ රථ රෝගී ප්‍රවාහන වෙනත් රථවාහන සදහාත් ඉන්ධන ලබාගැනීමේදී ප්‍රමුඛතාවය මත ඉන්ධන ලබාදීම සදහා අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිරුවන් දැනුවත් කර ඇත.

ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පිරවුම්හල් අසල පොලිම් පවතින අවස්ථාවන් වලදී එම තදබදයන් අවම වන තුරු පොලිස් නිලධාරීන් යොදවා රථාවාහන පාලනය කිරීමට කටයුතුකරන ලෙසත් පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here