Home දේශීය පුවත් ගුද මාර්ගයෙන් ඉන්දියාවට පටවන්න හැදූ රන් තොගයක් ගුවන්තොටේදී අල්ලයි

ගුද මාර්ගයෙන් ඉන්දියාවට පටවන්න හැදූ රන් තොගයක් ගුවන්තොටේදී අල්ලයි

0
ගුද මාර්ගයෙන් ඉන්දියාවට පටවන්න හැදූ රන්  තොගයක් ගුවන්තොටේදී අල්ලයි

ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවට රත්‍රං තොගයක් රැගෙන යාමට උත්සහ දැරූ ඉන්දියානු ජාතික ගුවන් මඟියෙකු සහ ඒ සඳහා ඔහුට සහය වූ තවත් ඉන්දියානුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ගුවන් මඟියා සතුව තිබී රත්‍රං කිලෝ 01 යි ග්‍රෑම් 290 ක් සොයාගෙන තිබේ.

තොටුපොලේආවේක්ෂණ රාජකාරියේ නිතරවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පිටවීමේ පර්යන්තයේ පිහිටි වැසිකිලියේ අසාමාන්‍ය ලෙස වැඩි කාලයක් රැදී සිටි ගුවන් මඟියෙක් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත කළ පරීක්ෂාවේදී මෙම ගුවන් මගියා රත්‍රං සමඟ අත්අඩංගුවට පත්ව තිබේ.

28 වියැති මෙම ගුවන් මගියා චෙන්නායි බලා පිටත්වීමේ සූදානමින් සිට ඇත. සිය ගුද මාර්ගයේ සඟවාගෙන යාමට එම රත්‍රං තොගය සකස්කර තිබී ඇත්තේ ග්‍රෑම් 430 බැගින් වූ කොටස් තුනකටය. එම කොටස් ආවරණයකර ගුදමාර්ගයේ සඟවා ගැනීමට හැකි වන ආකාරයට තිබී ඇත.

ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්ඩෙුබායිි සිට පැමිණි ඉන්දියානු ජාතික ගුවන් මඟියෙක් තමාට මෙම රත්‍රං තොගය ගුවන් තොටුපොලේදී ලබාදුන් බවය. ඔඔහුද ඒ වන විට චෙන්නායි බලා ගුවන්ගත වීමට සූදානමින් ගුවන් තොටුපොලේ රැදී සිටින බව ඔහු අනාවරණය කර ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවේ නිලධාරීන් ගුවන්තොටේ ආරක්ෂක කැමරා ද පරීක්ෂාකර එම ඉන්දියානුවාද අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 43 වියැති පුද්ගලයෙකි.

දීර්ඝ ලෙස කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව කේන්ද්‍රකරගෙන ඉන්දියාවය රත්‍රං රැගෙන යාමේ ජාවරමක් මේ වන විට ක්‍රියාත්මක බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here