තවත්
    මුල් පිටුවදේශීය පුවත්යුක්රේනයේ රැදී සිටි ශ්‍රී ලංකිකයන් 37 දෙනෙක් ආරක්ෂාව පතා පෝලන්තයට

    යුක්රේනයේ රැදී සිටි ශ්‍රී ලංකිකයන් 37 දෙනෙක් ආරක්ෂාව පතා පෝලන්තයට

    යුක්රේනයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් 37 දෙනෙක් අද වන විට යුක්රේන් පෝලන්ත දේශසීමාව හරහා පෝලන්තයට ඇතුළු වී ඇතැයි ශ්‍රී ලංකා පෝලන්ත තානාපති ධම්මිකා කුමාරි සේමසිංහ මහත්මිය සදහන් කළාය.

    එම පිරිස අතරින් 05 දෙනෙක් පැමිණ ඇත්තේ අද දිනයේ වන අතර සෙසු පිරිස් ඉකුත් දින කිහිපය තුළ පෝලන්තයට පැමිණ ඇති බවද ඇය සඳහන් කරන්නීය.

    යුක්රේනයේ සිට පෝලන්ත සීමාවට පැමිණෙන සෑම වැසියෙකුගේම ආරක්ෂාාව මෙන්ම පහසුකම් පිළිබදව පෝලන්ත රජය විශේෂයෙන් සොයා බලන බවද ඇය සඳහන් කළාය.

    කැමති කාලයක් ඒ අයට පෝලන්තයේ රැදී සිටීමට හැකි බවත් බටහිර යුරෝපයට යාමට සූදානම් පිරිස් වෙත ප්‍රවාහන පහසුකම් සැපයීමටත් පෝලන්ත රජය පියවර ගෙන ඇති බවද ඇය පැවසුවාය.

    මේ වන විට පෝලන්ත සීමාවට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් අතර සිටින එක් අයෙක් ජර්මනිය ප්‍රංශය හරහා ගමන් කරන බව දැනුම්දී ඇති බව ඇය සදහන් කරන්නීය. සෙසු පිරිස් ශ්‍රී ලංකාවට යාමට කැමැත්ත පළකර ඇති බවද ඇය පැවසුවාය. ඒ අනුව පෝලන්තයේ රැදසී සිටින පළමු ශ්‍රී ලාංකිකයා ලෙස තරුණියක් හෙට දිනයේ ශ්‍රී ලංකාව බලා පැමිණෙනු ඇති බවද ඇය වැඩිදුරටත් ශ්‍රී ලංකා පෝලන්ත තානාපති ධම්මිකා කුමාර සේමසිංහ මහත්මිය සඳහන් කළාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img