Home උණුසුම් පුවත් ප්‍රයිවට් බස් ධාවනය පාසල් – කාර්යාල වේලාවලට පමණයි

ප්‍රයිවට් බස් ධාවනය පාසල් – කාර්යාල වේලාවලට පමණයි

ප්‍රයිවට් බස් ධාවනය පාසල් – කාර්යාල වේලාවලට පමණයි

අද සිට (01) සිට පාසල් සහ කාර්යාල වේලාවන් තුළ පමණක් ගමන් වාර ධාවනය කිරීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ පවතින ඉන්ධන හිඟය හේතුවෙනි.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ අද (මාර්තු 01) ඉන්ධන නොමැති වුවහොත් දිවයිනේ 75% ක පමණ පෞද්ගලික බස් රථ ධාවනය නතර කිරීමට සිදුවන බවයි.

මේ අතර, ඩීසල් රැගත් නෞකා ශ්‍රී ලංකාවට පැමිණීම තවත් දින දෙකකින් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

සඳුදා (පෙබ 28) එම නෞකාවන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණත් ඉන්ධන ප්‍රවාහනය කිරීමේ ප්‍රමාදයක් පවතින බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඩීසල් හිඟය එමගින් බලපෑමට ලක්ව ඇති අතර බොහෝ ක්ෂේත්‍රවලට අහිතකර ලෙස බලපා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here