Home උණුසුම් පුවත් සම්බහනයට මුවාවී ගණිකාවන් වූ 06ක් කොටුවේ

සම්බහනයට මුවාවී ගණිකාවන් වූ 06ක් කොටුවේ

0
සම්බහනයට මුවාවී ගණිකාවන් වූ 06ක් කොටුවේ

ආයුර්වවේද සම්බහන මධ්‍යස්ථානයක් ලෙස කාලයක් තිස්සේ ගල්කිස්ස නගරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 06 දෙනෙක් ගල්කිස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

උපාය දූතයෙක් යොදා කළ ආවේක්ෂණයකින් පසු මෙම වැටලීමකර ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

අත්අඩංගුවටගත් කාන්තාවන් වයස අවුරුදු 48 ත් 19 ත් අතර පසුවන්නියන්ය. ඔවුන් රාවතාවත්ත, බුත්තල, හොරොව්පොතාන, දන්කන්ද, යටියන්තොට වැනි ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය සඳහන් කළේය.

කොළඹ කාර්යාලවල රැකියාවන්වල නිරතව සිටින බව නිවැසියන්ට පවසා ඔවුන් මෙසේ ගණිකා නිවාසයක රැදී සිටිමින් සිය සිරුර විකුණා ඇතැයි මූලික විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙම සැකකාරියන් අද ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කෙරන බව පොලීසිය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here