පවතින ඉන්ධන තොග පහළ බැස ඇති බැවින් සීමිත ඉන්ධන තොගයක් පමණක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදුව ඇති බැවින් ඉන්ධන පිරවුම්හල්ද එම පියවර ගනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසයි.
ඊළඟ ඉන්ධන නැව මුදල් දී ගන්නා තුරු මෙම තත්වය පවතිනු ඇතැයි හෙතෙම කියාසිටී.
රාජ්‍ය බැංකු දෙකෙන් තෙල් සංස්ථාවට ඉන්ධන ගැනීමට දැන් ණය නොදෙන බවත්, ආණ්ඩඩුව බදු සහනයක් ලබානොදෙන අතර මිල වැඩිකිරීමක් ද නොකර සිටින බැවින් මුහුදේ නවතා ඇති ඉන්ධන නැව් ගැනීමට නොහැකිව සිටින බව හෙතෙම අවධාරණය කර සිටී.
“ඉන්ධන නැව් ඇත. මේ මොහොතේත් තෙල් නැව් මුහුදේ නවතා බලා සිටී. නැත්තේ ඩොලර් ය. ලෝක යුද්ධයක් ඇති වුණත් ඉන්ධන අර්බුදයක් ඇති වන්නේ නෑ. ඉන්ධන අඛණ්ඩ සැපයුම සහතික කරන්න පුළුවන්කම තියෙනවා ඒවාට ගෙවන්න අවශ්‍ය විදේශ විනිමය සපයාගත හැකි නම්.
සාමාන්‍යයෙන් පෙට්‍රල් petrol 92 ඉවර උනාට පස්සේ වැඩි මිලක් ගෙවලා 95 ගහන්න පෙළඹෙනවා. එතකොට තමයි එතන පෝලිම හැදෙන්නේ. දිගින් දිගටම නැව්වලට මුදල් ගෙවලා නිදහස් කර ගැනීමේ ප්‍රමාදයක් ඇති වුණ නිසා අපි සතු තොග පහත බැහැල තියෙන්නෙ. ඒ නිසයි ඊළඟ නැව එනතුරු අපිට සීමිත තොගයක් තමයි වෙළෙඳ පොළට නිකුත් කරන්න සිද්ධ වෙන්නේ. ඉන්ධන පිරවුම්හල් වලටත් සිද්ධ වෙනවා සීමිත ප්‍රමාණයක් නිකුත් කරන්න.
මිල වැඩි වෙනවාද නැද්ද නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නය ඉන්ධන ගේන්න මුදල් තියෙන්න ඕන. මම රුපියල් දෙසීයට බඩුවක් විට රටින් ගේනවා නම් ඒක මම 150ට වික්කොත් ඉතුරු 50 එක මිල වැඩි වීමකින් දෙන්න ඕන එක්ක ණයකින් දෙන්න ඕන එක්කෝ ආණ්ඩුව දෙන්න ඕන. බැංකු දෙක කියනවා දැන් ණය හොඳටම වැඩියි තවත් ණය දෙන්න බෑ කියලා. ආණ්ඩුවෙන් සහනාධාරයක් දෙන්නෙත් නෑ. බදු අයින් කරන්නෙත් නෑ මේකෙන් වෙන්නේ. අපිට අවශ්‍ය ඉන්ධන සපයා ගන්න බැරි වෙලා රටේ ඉදලා අර්බුදයක් ඇති වෙනවා. ඉන්ධන අර්බුදය කියන්නේ ශරීරයේ ලේ ගමනාගමනය නතර වුණා වගේ වැඩක්. පිරිවැයට වඩා අඩු මිලට අපි විකුණන්නේ ඉතින් ඒ පරතරය කවුරු හරි ගෙවන්න ඕන.”