Home උණුසුම් පුවත් රුපියල් දෙකක් නොදුන්නොත් වගාවම නවතී

රුපියල් දෙකක් නොදුන්නොත් වගාවම නවතී

රුපියල් දෙකක් නොදුන්නොත් වගාවම නවතී

උක් ගස් කිලෝවක් සඳහා රුපියල් දෙකක මිල වැඩි කිරීමක් ලබානොදෙන්නේ නම් උක් වගාවෙන් ඉවත් වන බව සෙවණගල උක් ගොවි ඒකාබද්ධ සංවිධානය පවසයි.

එහි සභාපති ඩී .ඩී ජයතිලක මහතා සදහන් කරන්නේ ජීවන මිල ඉහළ යෑම හමුවේ උක් කිලෝවක් සදහා මිල වැඩිකිරීමක් ලබා නොදෙන්නේ නම් මෙවර උක් ගස් කැපීමෙන් ඉවත් වන බවයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සමඟ සාකච්ඡා කළද මේ වනතුරු නිසි පිලිතුරු නොලැබුණ බවද සභාපතිවරයා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here