මුල් පිටුව විදේශීය පුවත් දේශපාලනය ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 350ක් යුධ ආධාර

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 350ක් යුධ ආධාර

0

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් මිලියන 350ක් යුද ආධාර ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව ජනාධිපති බයිඩන් විසින් අදාල ආධාර කඩිනමින් යුක්‍රේනයට ලබාදෙන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

අදාල ආධාර විදේශ සහන පණත ප්‍රකාරව ලබාදෙන ලෙසටද උපදෙස් දී තිබේ.

මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ තම රටේ හමුදාවන් යුක්‍රේනයට සහය වීමට තමන් කිසිම අයුරකින් යොමුනොකරන බවයි.

මලිත් ශ්‍රීනෙත්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version