නව බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙමින් සුරාබදු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය පහසු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ඇල්ල සංචාරක කලාපයේ අවන්හලක් වැටලීමේ දී ඇති වූ බව කියන අපහසුතාවය සම්බන්ධයෙන් ඊයේ (25) එම අවන්හල් හිමියන් සමඟ කළ සාකච්ඡාවේ දී හෙතම මේ බව සඳහන් කළේය.
අදාළ වැටලීමේ දී සංචාරකයන්ද ව්‍යාපාරිකයන් ද අපහසුතාවයට පත්කරමින් මෙම වැටලීම සිදුවූ බවට ලැබෙන පැමිණිලි සහ ඒ පිළිබඳව දැනුවත් වී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පරීක්ෂණයක් කරන්නැයි කළ දැනුම්දීම පරිදි මෙම හමුවීම සිදුව තිබේ.
හෝටල් හිමියන් යල් පැනගිය සුරාබදු නීතියේ ඇති ගැටලු නිසා බලපත්‍ර ලබාගැනීමේ නොහැකියාව පෙන්වා දී ඇති අතර අවන්හල් විවෘතව තැබීමේ කාලය වැනි කරනා අවධාරණය කරමින් ඔවුන් සංචාරක ව්‍යාපාරයට ගැලපෙන නව බලපත්‍රයක් දෙන්නැයි ඉල්ලා ඇත.
වසරකට ඩොලර් බිලියන 3ක පමණ ආදායමක් උපයන හෝටල් හිමියන් ඇතුළු සංචාරක ව්‍යාපාරයේ නියැලෙන පිරිස් ලක්වන අපහසුතාවය පිළිබඳව මෙහි දී කරුණු දක්වා තිබේ.
විශේෂ බලපත්‍රයක් ලබා දෙන්නේ නම් රට පුරා විසීරී තිබෙන ආයතන 5000ක් පමණ තවදුරටත් ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කළ හැකි බව සාකච්ඡාවට එක්වූ සංචාරක හෝටල් හිමියන් පෙන්වා දී තිබේ.