තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාස 3ක් තුළ මිලියන 700ක් හොයන්න දුම්රිය බලධාරීන්ට ටාගට් එකක්

    මාස 3ක් තුළ මිලියන 700ක් හොයන්න දුම්රිය බලධාරීන්ට ටාගට් එකක්

    සියළුම දුම්රිය අංගනවල තිබෙන පරණ යකඩ ඇතුළු අබිලි ද්‍රව්‍ය මාස තුනක් ඇතුලත නිසි ටෙන්ඩර් ක්‍රමවේදයන්ට අනුව අලෙවි කිරිමට කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී තිබේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අංගනවල අබිලි ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7000ක් පමණ තිබෙන බවයි.

    ඒවා අලෙවි කිරිම තුළින් 2022 වසරේ දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 700ක් පමණ උපයා ගැනීමට හැකිවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

    දෙමටගොඩ පිහිටි දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරිය අද (25) මේ බව සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img