Home උණුසුම් පුවත් යල කන්නයට පොහොර දෙන්න ඔක්කොම රෙඩි

යල කන්නයට පොහොර දෙන්න ඔක්කොම රෙඩි

යල කන්නයට පොහොර දෙන්න ඔක්කොම රෙඩි

මෙවර යල කන්නය සඳහා පොහොර ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් දැනටමත් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්විමට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යල කන්නය සඳහා පොහොර ලබාදීමට අවශ්‍ය යාන්ත්‍රණය මේ වනවිටත් සකස්කරමින් තිබෙන බවයි.

එමෙන්ම වෙළෙඳපොළ තුළ පැවති පොහොර තොග වැඩි මිලට අළෙවි කරන වෙළෙඳුන්ගේ ලියාපදිංචි බලපත්‍රය තහනම් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදි ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here