තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩු සල්ලිවලින් ගත් රුවන්ගේ සැප හෝටලයකුත් සී.අයි.ඩී. භාරයට

    කුඩු සල්ලිවලින් ගත් රුවන්ගේ සැප හෝටලයකුත් සී.අයි.ඩී. භාරයට

    මහා පරිමානයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත්බව කියන සුඛෝපභෝගී හෝටලයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

    මීගමුව පිටිපන පාරේ වෙරළට කිට්ටුව පිහිටි මෙම හෝටලය සම්බන්ධයෙන් කෙරුණු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධිවත්කම් විමර්ශන කොට්ඨාශය විසින් අද (24) සිය භාරයට ගත්තේය.

    චෙකොස්ලෝවේනියානු ජාතිකයෙකු විවහාකරගෙන සිටින කාන්තාවකට අයත් මෙම හෝටලය දෙමටගොඩ රුවන් විසින් මිලදීගෙන ඇතැයි සඳහන් වන්නේ වසර හතරකට පෙරය.

    දෙමටගොඩ රුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනතින් විමර්ශන පවත්වන්නේ මත්කුඩු ජාවාරමෙන් ඔහු විශාල වශයෙන් මුදල් උපයා ඇති බවට කරුණු අනාවරණය වීමත් සමගිනි. ඒ අනුව කළ වැටලීමකදී දෙමටගොඩ ඔහුට අයත් සුවිසල් නිවසක ගෙවත්තේ තිබී රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු දේපොල රැසක් සොයා ගත්තේය. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය. එහිදී රක්ෂිත බන්ධනාගාරගතකරනු ලැබීය. මේ වන විටත් ඔහු සිටින්නේ බන්ධනාගාරගතවය.

    රුවන්ට අයත් දෙමටගොඩ පිහිටි සමාජ ශාලාවක් සහ අවන් හලක් පවත්වාගෙන ගිය නිවාස දෙකක්ද භික්ෂූණ් වහන්සේ ඇතුළු විවිධ පුද්ගලයින්ට පරිහරණය සඳහා ලබාදී තිබුණු මෝටර් රථ කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගත්තේය. එම දේපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගත් අතර එම දෝපොල සමග දෙමටගොඩ පිහිටි රුවන් පදිංචිව සිටි නාන තටාකයක්ද සහිත නිවස තහනම්කරමින් රාජසන්තක කිරීමට මේ වන විට අවශ්‍ය අධිකරණමය කටයුතු සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම හෝටලයත් සමග දෙමටගොඩ රුවන්ට අයත් රුපියල් කෝටි 100 කට අධික දේපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img