Home special රුසියා – යුක්‍රේන ගැටුමේ අලුත්ම තත්ත්වය

රුසියා – යුක්‍රේන ගැටුමේ අලුත්ම තත්ත්වය

0
රුසියා – යුක්‍රේන ගැටුමේ අලුත්ම තත්ත්වය

Update
යුක්‍රේන කීව් අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් තොටුපළ රුසියානු හමුදා අත්පත් කරගනී.


Update
රුසියාවට අයත් සූකොයො su- 25 වර්ගයේ ගුවන් යානක් යුක්‍රේනයේදී කඩා වැටෙයි. ගුවන් යානය කඩා වැටීම නියමුවාගේ අත්වැරැද්දකින් සිදු වූවක් බව රුසියාව පවසයි.


Update
රුසියානු හමුදා විසින් චර්නෝබිල් බලාගාරය අවට බලය අත්පත් කරගැනීමට උත්සහා කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.


Update
රුසියානු හමුදා විසින් යුක්‍රේනය අගනගරය වූ කීව් හී ඇටනොව් ගුවන් තොටුපලේ පාලනය රුසියානු හමුදා අතට පත්ව තිබේ.


Update
මේවන විට ගැටුම් යුක්‍රේනය අග නගරයට වූ කීව් හී ගුවන් තොටුපළ ආසානයේ සිදුවන බව යුක්‍රේනය හමුදා පවසයි.


Update
හදුනාගත් යුද ඉලක්ක හැත්තෑවකට සාර්ථකව පහර දුන් බව රුසියාව පවසයි. පහර දුන් ඉලක්ක අතර ගුවන් යානා ගොඩ බැස්විය හැකි ස්ථාන 11ක්ද පවතින බව රුසියාව පවසයි.


රුසියානු හමුදාවන් මේවන විට ගුවනින්, ගොඩබිමින් සහ මුහුදෙන් යුක්‍රේනයට ආක්‍රමණය කිරීම ආරම්භ කර ඇත.

ඒ අනුව මේවන විට රුසියානු හමුදාවන් යුක්‍රේනය වෙත දැඩි මිසයිල ප්‍රහාරක් එල්ල කරමින් සිටින බවටද වාර්තා වේ.

මේ අතර යුක්‍රේන අග නුවර ආසන්නයෙන්ද විශාල පිපුරුම් හඬවල් ඇසෙමින් පවතින බවද විදේස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම යුක්‍රේනයේ ගුවන් තොටුපළවල් කිහිපයකටද මේවන විටත් රුසියානු හමුදා මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

රුසියානු හමුදා ක්‍රිමියාවට ඇතුළු වන ආකාරය පහත දැක්වේ. ක්‍රිමියාව මීට පෙර රුසියාව අත්පත් කරගත් යුක්‍රේනයේ කොටසකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here