fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුවත්පත් කලාවේ පෙරළි කළ රැඩිකල් පත්තරකාරයා සමුගනී

    පුවත්පත් කලාවේ පෙරළි කළ රැඩිකල් පත්තරකාරයා සමුගනී

    ජන හඳ දිනූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීයෙක් වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත විය.

    1944 මැයි 12 වැනිදා උපත ලැබූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්තවන විට පසුවූයේ 78 වියෙහිය.

    ඒ මහතා අභාවප්‍රාප්ත වන්නේ ඊයේය.

    ලේක් හවුස් ආයතනයෙන් පුවත්පත් කලාවේදීයෙක් ලෙස සිය ජීවන ගමන ඇරඹි සුනිල් මාධව ප්‍රේමතිලක මහතා දිවයින පුවත්පතේ ආරම්භක සාමාජිකයෙකි.

    ඔහු මෙරට සාම්ප්‍රදායික පුවත්පත් කලාව එක් යුගයකදී පරිවර්ථනයකට යොමු කිරීමට ඉවහල් වූවෙකි. 80-90 දසකවලදී තරුණ හිත් ආකර්ශනයකරගත් සුනිල් මාධව ප්‍රේමතිලක මහතා රැඩිකල් මාධ්‍ය භාවිතයකට යොමු වූවෙකි.

    ලක්මින, ලක්දිව සහ හිරු පුවත්පත්වල ප්‍රධාන කර්තෘ වශයෙන් ද සුනිල් මාධව ප්‍රේමතිලක මහතා කටයුතුකර ඇත. සාහිත්‍යකරුවෙක්ද වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා හඬනු මැන නිදහස, ඇමරිකා ඇමරිකා, කැරොලිනාගේ දිනපොත සහ මොහොමඩ් අලී ඇතුළු පොත් කෘති රැසදක් රචනාකර තිබේ.

    මේ සියල්ල අතරින් වඩාත් ජනප්‍රිය වී තිබුණේ සත්‍යවාදියෙකුගේ දිනපොතය. සුනිල් මාධ්‍යවගේ චරිතය කේන්ද්‍රගත කර ගනිමින් දයාසේන ගුණසිංහයන් විසින් අවියක් නැති සෙනෙවියා යන නමින් කෙටි කතාවක්ද නිර්මාණය කර තිබේ.

    ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා පාසල් සමයේදී නිම්වලල්ල යන නමින් චිත්‍රපට තිර පිටපතක් ද ලියා තිබුණි.

    සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ පියා පුවත්පත් කලාවේ දැවැන්තයෙක් මෙන්ම ගත්කතුවරයෙක් වන මීමන ප්‍රේමතිලක මහතාය.

    “කාගෙ නෙතකට ගී ලියන්න ද
    කාගේ සවනට ගී කියන්නද
    මේ මහා දෙරණේ..
    අහෝ මිනිසුන් අන්ධ වී ඇත
    නැතිව පිළිසරණේ..

    මගේ ගීතය තබා එන්නෙමි
    නාඳුනන සොයුරන් සිර වූ
    අඳුරු සිර කුටියේ..
    හැඟුම් යට කළ පවුරු අබියස
    යකඩ දොර අතරේ..

    මගේ ගීතය තබා එන්නෙමි
    දුප්පතුන් වෙනුවෙන් ම දිරි දුන්
    සොහොයුරන් සිරසේ..
    සැබෑ මිනිසුන් සදා සැතපෙන
    සොහොන් කොත් අතරේ..”

    හඬ; දීපිකා ප්‍රියදර්ශනී
    පද; සුනිල් මාධව ප්‍රේමතිලක
    තනුව; රෝහණ වීරසිංහ

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.