Home උණුසුම් පුවත් පාස්කු ප්‍රහාරය ගැන වාර්තාවේ පිටු 70,000 ක්

පාස්කු ප්‍රහාරය ගැන වාර්තාවේ පිටු 70,000 ක්

පාස්කු ප්‍රහාරය ගැන වාර්තාවේ පිටු 70,000 ක්

පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද, පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමේ සියලු සාක්ෂි ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා සම්පූර්ණ වාර්තාවේ පිටු 70000කට වැඩි සංඛ්‍යාවක්  ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එබැවින් එහි පරිගණක පිටපතක් (මෘදු පිටපතක්) ලබාදෙන ලෙස තමා කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු කියාසිටියේ, පාර්ලිමේන්තුවේ තබා ඇති එම පිටපත්වල කෙටි වීඩියෝවක් ද සමාජ ජාලයට මුදාහරිමිනි.

මෙම සම්පූර්ණ සාක්ෂි ඇතුළත් වාර්තා පිටපත් ඊයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here