තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්GOSSIPසමාජ ජාල තහනම් වූ ට්‍රම්ප්ගෙන් සමාජ ජාලයක්

    සමාජ ජාල තහනම් වූ ට්‍රම්ප්ගෙන් සමාජ ජාලයක්

    ෆේස් බුක්, ට්විටර්, යූ ටියුබ් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වලින් තහනමට ලක්වූ හිටපු ඇමරිකානු ජනාධිපති ඩෙනලඩ් ට්‍රම්ප් විසින් නව සමාජ ජාල ජංගම යෙදුමක් (ඇප්) හඳුන්වා දී තිබේ.

    “තෲත් සේෂල්” යනුවෙන් නම් කර ඇති මෙම නවතම සමාජ ජාල යෙදුම ෆෙස් බුක්, ට්විටර්, යූටියුබ් යන සමාජ ජාල වෙබ් අඩවි වල විකල්පයක් ලෙස හඳුන්වා දුන් බව හිටපු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

    හිටපු ජනාධිපතිවරයා  මැතිවරණයෙන් පරාජය වීමත් සමඟ 2021 වර්ෂයේ ජනවාරි 6 වැනිදා ඔහුගේ පාක්ෂිකයින් විසින් ඇමරිකානු අගනුවර වූ වොෂින්ටන් හී පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ඇතුලු වී එහි දේපල විනාශ කිරීමට සාමාජ ජාල මාධ්‍ය ඔස්සේ සහය දුන් බවට ට්‍රම්ප් හට චෝදනා එල්ලවී තිබේ.

    ඒ අනුව ඔහුගේ සියලුම සමාජ ජාල ගිණුම් සහ ඔහුට සහය දුන් විශාල පිරිසකගේ ගිණුම්ද අත්හිටුවනු ලැබිනි. මෙම අත්හිටුවීමත් සමඟ හිටපු ජනාධිපතිවරයා තමන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවූ බවටද චෝදනා එල්ල කළේය.

    මෙම තත්ත්වය හමුවේ හිටපු ජනාධිපතිවරයා විසින් තමන්ගේම සමාජ ජාල මාධ්‍යක් ස්ථාපිත කිරීමට තීරණය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ජංගම දුරකථන යෙදුම නිර්මාණය විය.

    දැනට ඇපල් ජංගම දුරකථන සඳහා පමණක් මෙම යෙදුම භාගත කිරීමට අවස්ථාව හිමිවී ඇති අතර එය දියත්කිරීමත් සමඟම විශාල පිරිසක් භාගත කළ ඇති බවට වාර්තාව වන අතර එම තත්ත්වය හේතුවෙන් යම් තාක්ෂණික භාදා මතුවී ඇතිබවට ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත.

    ට්‍රම්ප් ඉකුත් මැතිවරණයේදී පරාජයට පත් වුවද තවමත් ඔහුට ඇමරිකානුවන් විශාල පිරසක් සහය පළකරමින් සිටීමද විශේෂත්වයකි. ඔහු සිය පාලනය සමයේදී මෙතක් පැවති ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිවලට වෙනස්ව කටයුතු කළ අතර ඔහු රුසියාව, උතුරු කොරියාව සමඟ යම් ආකාරයකින් යහපත් සම්බන්ධතා පවත්වාගෙන යාමට උත්සහ කළේය.

    චමරු අමාසර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img