Home දේශීය පුවත් පාස්කු කොමිසමේ සියළු සාක්ෂි පාර්ලිමේන්තුවට

පාස්කු කොමිසමේ සියළු සාක්ෂි පාර්ලිමේන්තුවට

0
පාස්කු කොමිසමේ සියළු සාක්ෂි පාර්ලිමේන්තුවට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලු වෙළුම්
ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද (22) භාරදුන්නේය.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අදාල ලිපිගොනු පාර්ලිමේන්තුවට භාරදීමට පියවර ගත්බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එසේ භාරදෙනු ලැබුවේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88 කින් යුත්ත සම්පූර්ණ වාර්තාවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව 2021 අප්‍රේල් 08 වන දින පාර්ලිමේන්තුව භාර දුන් අතර නීතිමය හේතු මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here