Home දේශීය පුවත් උණුසුම් පුවත් කොවිඩ් එන්නත් අපනයනය තහනම් කර නෑ – ඉන්දියාව

කොවිඩ් එන්නත් අපනයනය තහනම් කර නෑ – ඉන්දියාව

කොවිඩ් එන්නත්  අපනයනය තහනම් කර නෑ – ඉන්දියාව

අංජනා මල්ලවආරච්චි

ඉන්දියාව ඇස්ට්‍රාසෙනෙකා එන්නත් අපනයනය කිරීමේ තහනමක් පනවා නැතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ඉකුත් දෙවැනි දා ඒ බව තහවුරු කර ඇතැයිද මහ කොමසාරිස් මහකොමසාරිස් කාර්යාලය කියයි.

ඉන්දියාව ඉකුත් සතියේ දී ලොව රටවල් රැසකට එන්නත් අපනයනය කළ බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ දොළහකට අධික ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවට සපයා තිබෙන බවද ඉන්දීය මහ මහකොමසාරිස් කාර්යාලය කියයි.

ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු සහ අසල්වාසියකු වශයෙන් ඉන්දියාව තම රට තුළ එන්නත්කරණය අරඹා දින කිහිපයකින් ශ්‍රී ලංකාවට දෙන්නත් ලබාදීමට සහතික වූ බවද මහ කොමසාරිස් කාර්යාලය පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here