තවත්
    මුල් පිටුවදේශීය පුවත්ධාවනයෙන් ඉවත්කළ අබලන් බස් රථ 200ක් නැවත මහමඟට

    ධාවනයෙන් ඉවත්කළ අබලන් බස් රථ 200ක් නැවත මහමඟට

    අබලන්වීම හේතුවෙන් ධාවනයෙන් ඉවත්කර තිබුණු මගී බස් රථ 200 ක් ප්‍රතිසංස්කරණය කර අද සිට මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවනු ලැබීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම බස් රථ නිරීක්ෂණය කළේය.

    වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි , මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසකට අනුව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදේශකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    අලුත්වැඩියා කළ එම බස් රථ අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණය සදහා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ ගාල්කර තිබුණි.

    වාහන ආනයනය සීමා කිරීමත් සමග බස් රථ ගෙන්වීමද අත්හිටුවනු ලැබීය. නව බස් රථ ආනයනයෙන් ඇතිවූ බස් රථ හිඟයට පිළියමක් මෙන්ම විනිමය ඉතිරිකර ගැනීම සඳහා රජයට සහය වීමක් ලෙස අබලන්ව ධාවනයෙන් ඉවත්කර තිබුණු බස් රථ අලුත් වැඩියාවට වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි , මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංගම සේවකයින් දිරිගන්වා තිබුණි. ඒ අනුව ප්‍රතිසංස්කරණය වෙමින් මෙම බස් රථ ධාවනයට එක්කෙරනු ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනුයේ මෙම වැඩසටහනේ පළමු අදියරය යටතේ බස් රථ 273 ක් 2020 වසරේ දෙසැම්බරයේදී අලුත් වැඩියාකර ධාවනයට යොදවනු ලැබූ බවය.

    මෙම බස් රථ 200 අලුත්වැඩියාකර ධාවනයට යොදවන්නේ දෙවැනි අදියරය යටතේය. දිවයිනපුරා පිහිටි ඩිපෝ 107 ක සම්පුර්ණයෙන්ම ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථ අලුත් වැඩියාවට වැය කළ මුදල රුපියල් මිලියන 136 කි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img