වෙළෙඳපොළ ඉලක්ක කර ගත් මෙරට කිරි නිෂ්පාදන ව්‍යාපෘතියක් වෙනුවෙන් අමෙරිකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මූල්‍යාධාර සැපයීමට එකඟතාව පලකර ඇත.
ඒ සම්බන්ධයෙන් මෙරට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.
කිරි නිෂ්පාදකයින්ගේ ඵලදායකත්වය සහ ඔවුන්ගේ නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ඉහළම තත්ත්වයේ ක්‍රමවේදයන් යොදා ගැනීමේ අරමුණින් වෙළෙඳපොළ ඉලක්ක කර ගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මූල්‍යාධාර සැපයීමට එකඟතාව පළ කර තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා 2024 සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය අරමුදල් සැපයීමට ද එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර ඇත. යෝජිත ව්‍යාපෘතිය මඟින් රජයේ සහ පෞද්ගලික අංශයේ කිරි නිෂ්පාදන අංශයෙහි ප්‍රධාන පාර්ශ්වකරුවන් 38ක් සමඟ එක්ව ඔවුන්ගේ ධාරිතා වර්ධනය කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මෙරට කෘෂිකර්ම අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.