තවත්
    මුල් පිටුවදේශීය පුවත්රට යන අයට ව්‍යාජ පී.සී.ආර්. වාර්තා සකස්කරන ඡාවාරමක්

    රට යන අයට ව්‍යාජ පී.සී.ආර්. වාර්තා සකස්කරන ඡාවාරමක්

    විදෙස්ගතවන පුද්ගලයින්ට මෙරට ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහලකින් නිකුත් කරන ආකාරයේ ව්‍යාජ පී.සී.ආර්. වාර්තා සකස්කර මුදලට අලෙවි කිරීමේ සංවිධානාත්මක ඡාවාරමක නිරතව සිටි කන්ඩායමක සාමාජිකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

    පුද්ගලික රෝහලේ වෙබ් අඩවියට සමාන ආකාරයට ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර පී.සී.ආර්. වාර්තා සම්බන්ධයෙන් දත්ත ගබඩාවක්ද එහි ස්ථාපිත කරමින් මෙම වංචාව කරගෙන ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන තිබේ.

    අදාල රෝහලින් නිකුත් කරන සැබෑ පී.සී.ආර්. වාර්තාව විදෙස්ගතවීමට සූදානම් පුද්ගලයෙක් ගුවන්තොටුපොලට ඉදිරිපත් කිරීමේදී එය ස්කෑන් කළ විට රෝහලේ වෙබ් පිටුවේ දත්ත ගබඩාව වෙත යොමුවනු ඇත. ඒ තුළින් මෙම වාර්තාවේ නිවැරදි එකක්දැයි තහවුරුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    ඡාවාරම්කරුවන් කර ඇත්තේ රෝහලේ වෙබ් පිටුවට සමාන වෙබ් පිටුවක් නිර්මාණයකර ඔවුන්ගේ ව්‍යාජ පී.සී.ආර්. වාර්තාව ස්කෑන් කළ විට එම පිටුවට යොමුවන ආකාරයට සකස්කර තිබීමය. සැබෑ රෝහල් වෙබ් පිටුව සහ ව්‍යාජ වෙබ් පිටුව එක ඉංග්‍රීසි අකුරකින් වෙනස්කර බැලූ බැල්මට හදුනා ගැනීමට නොහැකි ආකාරයට සකස්කර තිබී ඇත.

    මෙසේ මෙම ඡාවාරම්කරුවන් ව්‍යාජ පී.සී.ආර්. වාර්තාවක් නිකුත් කර ඇත්තේ රුපියල් 6000 ක් වැනි මුදලකටය. ගෙවී ගිය මාස දෙක තුළ පමණක් 700 කට වැඩි පිරිසක් ව්‍යාජ පී.සී.ආර්. වාර්තා ලබාගෙන විදෙස් ගතවී ඇති බවද විමර්ශන වලින් අනාවරණයකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

    මෙම ඡාවාරමේ මහ මොළකරු දර්ගනගර් හී පදිංචිකරුවෙකි. රට පුරාම ඔවුන්ගේ නියෝජිතයින් සිටින බවත් අත්ඩංගුවට ගත් සැකකරුවන් අතර වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පුද්ගලයාද සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img