තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුක්රේනයට අනවශ්‍ය සංචාරවලින් වළකින්න - විදේශ අමාත්‍යාංශය

    යුක්රේනයට අනවශ්‍ය සංචාරවලින් වළකින්න – විදේශ අමාත්‍යාංශය

    යුක්රේනය වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දෙයි.

    මේ දිනවල යුක්රේනයේ පවතින වාතාවරණය හමුවේ විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, එරට අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වන ලෙසත්, විදේශ අමාත්‍යාංශය යුක්රේනයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

    ශ්‍රී ලංකා රජය යුක්රේනයේ පවතින වාතාවරණයේ වත්මන් ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද දන්වා සිටී.

    අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, යුක්රේනයේ වෙසෙන සිසුන් දහහතර දෙනෙකු ඇතුළු හතළිහකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීමේ අරමුණින් ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින් සිටියි.

    යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් දහහතර දෙනාගෙන් හය දෙනෙකු තාවකාලිකව රට හැර ගොස් ඇති අතර, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතිරි සිසුන් අට දෙනා සමඟ සමීප සම්බන්ධතා පවත්වන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේය.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img