තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අශෝභන වැඩ කළ ෆිල්-ටී අත්අඩංගුවට

    අශෝභන වැඩ කළ ෆිල්-ටී අත්අඩංගුවට

    කලින් කලට ආන්දෝලනාත්මක සමාජ ජාල සංවාදවලට මාතෘකාවක් වන ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන ෆිල්-ටී නමැත්තා පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වී පානදුර කෙසෙල්වත්ත තක්ෂිලා විදුහලේදී අද පැවති සම්මන්ත්‍රණයක් ආසන්නයේ අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදී මොහු අසභ්‍ය වචනයෙන් කෑ ගසමින් ඒ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට බාධා සිදුකර තිබේ.

    පානදුර උතුර (කෙසෙල්වත්ත) පොලිස් ස්ථානාධිපතිවරයාගේ මුඛ ආවරණය (මාක්ස්) ඉවත්කිරීමටද මොහු උත්සහ කර ඇත.

    මේ අවස්ථාවේ තත්ත්වය පාලනය කිරීම සඳහා සැකකාර රැප් ගායකයා පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දහවල් ඇප මත මුදා හැර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img