තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විකුණා දෙන්නම් කියා සැප වාහන අරන් ගිහින් කට්ටි පැනලා

    විකුණා දෙන්නම් කියා සැප වාහන අරන් ගිහින් කට්ටි පැනලා

    වාහන අලෙවි කර මුදල් දෙන බවට පවසා හිමිකරුවන්ගෙන් වාහන රැගෙන ගොස් මුදල් නොදී වංචා කළ සැකකරුවකු රාගම ජනප්‍රිය මාවත ප්‍රදේශයේදී ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

    හිමිකරුවන්ගෙන් වාහන ලබා ගෙන අලෙවි කර මුදල් ලබා නොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධීන් 03 ක් සම්බන්ධව ලද පැමිණිලිවලට අනුව නුගේගොඩ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කරන ලදී.

    සැකකරු විසින් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලක්ෂ 450 ක් වටිනා ජිප් රථයක්, අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලක්ෂ 225 ක් වටිනා කැබ් රථයක් සහ ජාඇල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලක්ෂ 185 ක් වටිනා මෝටර් රථයක් මෙලෙස ලබා ගෙන ඇත.

    එම වාහන අලෙවි කර මුදල් ලබා නොදී මඟහැර ඇති බවට විමර්ශණයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img