Home උණුසුම් පුවත් ජංගම දුරකතන ආරවුල දුරදිග ගොස් රොහාගේ මස්සිනා ඝාතනය කෙරේ

ජංගම දුරකතන ආරවුල දුරදිග ගොස් රොහාගේ මස්සිනා ඝාතනය කෙරේ

0
ජංගම දුරකතන ආරවුල දුරදිග ගොස් රොහාගේ මස්සිනා ඝාතනය කෙරේ

ජංගම දුරකතනයක් රුපියල් 2000 කට උකස් කිරීමක් සම්බන්ධයෙන් ඇතිවුණු ආරවුලක් දුරදිග යාමෙන් රත්මලාන රස්ටම් වත්තේදී ඇතිවුණු ගැටුමකින් පුද්ගලයෙක් ඝාතනය වී තිබේ.

මොරටුව කල්දෙමුල්ලේ පදිංචි කරුවෙක් වන අසංක සිල්වා නැමැති 43 වියැති පුද්ගලෙයක් මෙසේ ඝාතනය වී ඇත.

මීගමුව කොච්චිකඩේදී පොලිස් වෙඩි පහරකින් මරුමුවටපත් වූ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙක් වූ ගොනා කෝවිලේ රොහාගේ මස්සිනා මෙසේ ඝාතනය වී ඇතැයි ගල්කිස්ස පොලිසිය සඳහන් කරයි.

ඝාතනයවූ පුද්ගලයා මෙන්ම එම ඝාතනයේ සැකකාර පුද්ගලයාද වෘත්තියෙන් ත්‍රී රෝද රථ රියදුරන්ය. ඝාතනය සිදුකල පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් වන අතර ඔහු ගොනාකෝවිලේ රොහාගේ ප්‍රතිවාදියා වන මේ වන විට විදේශයක සිට මත්කුඩු ඡාවාරම සහ පාතාලය මෙහෙයවන කුඩු අංජුගේ ඥාතියෙක් වන බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. එසේම එම සැකකරු හිටපු පළාත්සභා මන්ත්‍රීවරයෙකුගේ රියදුරෙක් ලෙසද කටයුතු කළ අයෙකි.

මෙම ඝාතනය ඊයේ සිදුව ඇති අතර පළාගොස් සැඟව සිටි ඝාතන සැකකරුව අද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත. ඝාතනයට යොදාගත් පිහියද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here