
ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉල්ලීම මත හෙට ( 21) දිනට රටපුරා විදුලි කප්පාදුව අනුමත කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසයි.
දකුණු පළාත හැර සෙසු ප්‍රදේශවල හෙට පෙරවරු 8.30 සිට රාත්‍රී 7.30 දක්වා කාලය තුළදී පැයක පමණ විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.
දකුණු පළාතේ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලයේදී පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.
දැනට ක්‍රියාත්මක බලාගාර මඟින් ඉල්ලුමට ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් සිදු නොවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.