Home උණුසුම් පුවත් මැතිව් වේඩ් පරදා කුසල් මෙන්ඩිස් ලංකාවට ජය ගෙනෙයි

මැතිව් වේඩ් පරදා කුසල් මෙන්ඩිස් ලංකාවට ජය ගෙනෙයි

0
මැතිව් වේඩ් පරදා කුසල් මෙන්ඩිස් ලංකාවට ජය  ගෙනෙයි

ඔස්ට්‍රේලියාව සමඟ තරග පහකින් යුතු විස්සයි 20 තරගාවලියේ අවසන් හා පස්වැනි තරගය කඩුලු පහකින් ජය ලැබීමට මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් ලබා ත්තේය.

පන්දු 27ක දී නොදැවී ලකුණු 43ක් ලබාගත් මැතිව් වේඩ් ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඉහළ දැමීය. පළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම තවත් එක් පන්දුවක් ඉතිරිව තිබිය දී තරගය නිමා කළේය.

පන්දු 58ක දී නොදැවී ලකුණු 69ක් ලැබූ කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. කුසල් මෙන්ඩිස්ට අගනා සහයක් දුන් නායක දසුන් ශානක පන්දු තිස් එකක දී ලකුණු 35ක් ලබා ගත්තේය.

ඔස්ට්‍රේලියානු ඉනිම වර්ණවත් කරමින් නොදැවී ලකුණු 43 ලැබූ මැතිව් වෙඩ් මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් නොදැවී ලකුණු 69ක් ලැබූ කුසල් මෙන්ඩිස් මෙම තරගයේ කඩුලු රකින්නන් වීම තරගයේ කැපී පෙනෙන සිදුවීමකි.

තරගාවලියේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ග්ලේන් මක්ස්වෙල්ට හිමිවිය.

ඔස්ට්‍රේලියාව ලකුණු 154/6 (20)

මැතිව් වේඩ් 43* ලහිරු කුමාර 34/2, දුෂ්මන්ත චමීර 30/2

ශ්‍රී ලංකාව ලකුණු 155/5 (19.5)

කුසල් මෙන්ඩිස් 69(58), දසුන් ශානක 35(31)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here