තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට සිට විදුලි කප්පාදුවක්!

    හෙට සිට විදුලි කප්පාදුවක්!

    හෙට (21) සිට ඇරඹෙන සතිය තුළ විදුලි සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගියහොත් මීට පෙර ප්‍රකාශයට පත්කළ පරිදි විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

    ඒ අනුව එවැනි තත්ත්වයක් මතුවුවහොත් පෙර ප්‍රකාශයට පත්කරන ලද ඛාණ්ඩ 04ක් යටත් විදුලි කප්පාදු කිරීමට සැලසුම් කර ඇත.

    ඉන්ධන නොමැතිකම හේතුවෙන් සපුගස්කන්ද සහ යුගදනවි බලාගාරය වසා දැමීමේ තත්ත්වයක් මතුව ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 370ක විදුලි ධාරිතාවක් අහිමි වෙයි.

    දිවා කාලයේ ජල විදුලිය නිපදවීමෙන් මෙම හිඟය පියවා ගත හැකි වුවද රාත්‍රී කාලයේ මෙම තත්ත්වය හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බව වාර්තා වේ.

    ඉන්ධන සැපයීමට නොහැකි වීම නිසා කැලණිතිස්ස චක්‍රීය බලාගාරය ඇතුළු බලාගාර 07ක් විදුලි උත්පාදන කටයුතු ඇණහිට තිබුණි.

    කෙසේවෙතත් සපුගස්කන්ද බලාගාර සංකීර්ණය ඇතුළු තවත් බලාගාර කිහිපයකට අවශ්‍ය දැවි තෙල් ලබා දීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇතැයි ද සඳහන් ය.

    ඊයේ (19) සෙනසුරාදා දිනයක් වුවද රටේ විදුලි ඉල්ලුම උපරිම මෙගාවොට් 2,470 දක්වා ඉහළ ගොස් තිබුණි.

    මේ අතර මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවක් ඊයේ (19) රාත්‍රියේ දිවයිනට ළඟාවූ අතර අද (20) දිනයේදී ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් තවත් නෞකාවක් ද දිවයිනට ළඟාවීමට ද නියමිතයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img