Home උණුසුම් පුවත් කබ්රාල් මේ කියන්නේ ‘වෙලාව ඇවිත්’ කියලද?

කබ්රාල් මේ කියන්නේ ‘වෙලාව ඇවිත්’ කියලද?

කබ්රාල් මේ කියන්නේ ‘වෙලාව ඇවිත්’ කියලද?

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය දැන් බොහෝ කලක් තිස්සේ ප්‍රමාද වී ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු‍ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල සමහර අවස්ථාවල මෙම කලාපයේ සමහර රටවලට වඩා අඩකටත් වඩා අඩු බවය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ඊයේ මුදල් අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණේ ඉන්ධන මගින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දෛනිකව ලබන අධික පාඩුව අවම කරගැනීම උදෙසා ඉන්ධන මිලි මත පනවා ඇති බදු ඉවත් කරදෙන ලෙසය.

ඔහු කී පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 500කට අධික පාඩුවක් ලබමින් සිටී.

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මිල වැඩිකිරීමේ පීඩනය හැකිතාක් ජනතාව මත පැටවීම වැළැක්වීමට හැකි උපරිම පියවර ගන්නා බව අමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණි.

කෙසේවෙතත් ඊයේ සහ පෙරේදා දිනයන්හිදී ඉන්ධන මිල වැඩි නොවන බවට ද බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි.

සබැඳි පුවත්
තෙල් සංස්ථාවේ දිනක පාඩුව රුපියල් මිලියන 551ක් – බදු අයින් කරන්න ඉල්ලුවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here