Home උණුසුම් පුවත් තෙල් නාවොත් අදත් විදුලි කැපිල්ලක්

තෙල් නාවොත් අදත් විදුලි කැපිල්ලක්

තෙල් නාවොත් අදත් විදුලි කැපිල්ලක්

බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නියමිත පරිදි නොලැබුණ හොත් අද (19) දිනයේදීත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසයි.

බලාගාර 07ක් ඉන්ධන නොමැති කමින් ඇණ හිටීමත් සමඟ මෙගාවොට් 600 ක ජනන ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියෙන් ගිලිහීම නිසා දිවයිනටම විදුලි කප්පාදු කිරීම ඊයේ (18) දින සිට ආරම්භ විය.

ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 70,000 ක් රැගත් ඉන්ධන නෞකා දෙකක් අද (19) සහ හෙට (20) දින මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

අදාල නෞකා තුළින් බලාගාර සඳහා ඉන්ධන ලබා ගත්තද එම ඉන්ධන බලාගාර පර්යන්තය දක්වා රැගෙන යාමට පැය 10 පමණ කාලයක් ගතවන බව සඳහන් ය.

ඊයේ දින පෞද්ගලික සමාගමකින් රුපියල් මිලියන 250ක මුදලක් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබා ගත් බව මහාජන උපයෝගිතා කොමිසන් සභාව කීය.

අදාල ණය මුදල ලබන සඳුදා දින ලැබීමට නියමිත ය.

එම මුදලින් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට අපෙක්ෂා කරන බවද මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ ප්‍රකාශ කළේය.

පවතින විදුලි අර්බුදය හමුවේ ඊයේ දින ප්‍රකාශ කළ පරිදි කාණ්ඩ 04ක් යටතේ පස්වරු 2.30 සිට රාත්‍රී 10.30 දක්වා අවස්ථා දෙකකදී විදුලි කප්පාදු කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here