රජයේ ප්‍රකාශන කාර්යාංශයේ නව ශාඛාවක් යාපනය ප්‍රදේශයේ දී අද(18) විවෘත කර තිබේ.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ ස්ථාපනය කර ඇති මෙම නව ශාඛාව අද විවෘත කෙරුණේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙනි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක රජයේ ප්‍රකාශන කාර්යාංශය ජාලය තුළ මෙලෙස යාපනයේදී විවෘත කර ඇත්තේ 7 වැනි ශාඛාවයි.
රජයේ සියලුම ප්‍රකාශන මේ හරහා ලබාගත හැකි අතර මෙම කාර්යංශයෙන් පාසල් දරුවන්ට, උසස් අධ්‍යාපන කටයුතු නිරතවන්නට සහ රජයේ සේවකයින් ඇතුළු වෘත්තීයවේදීන්ට යාපනයේදීම රජයේ සියලු ප්‍රකාශන මිලදීගැනීමේ අවස්ථාව මෙමගින් උදාවනු ඇත.
ඉංග්‍රීසි පාලන කාලයේ දී Government Record Office යනුවෙන් මේ ආයතනය හඳුන්වන ලදී.
රජයේ සියලුම නීති අණ පනත්, වාර්තා, දැන්වීම් ආදී රජයේ සියලුම නිවේදන ගබඩා කිරීම, බෙදා හැරීම හා ජනතාව වෙත විකිණීම මෙම ආයතනය ඔස්සේ සිදුකරයි.
පසුව රජයේ පොත්පත් ආයතනය ලෙස 1950 දී පමණ මෙය ආරම්භ කර ඇත.
රජයේ ප්‍රකාශන කාර්යාංශය ලෙස යළි නම් කර ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවය.
මහජනතාවට සේවය සලසන අතරතුර රජයට ආදායම් ලබාදෙන ආයතනයක් ලෙස ද රජයේ ප්‍රකාශන කාර්යාංශය හැඳින්වීමට හැකිය.