තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් සංස්ථාවේ දිනක පාඩුව රුපියල් මිලියන 551ක් - බදු අයින් කරන්න ඉල්ලුවා

    තෙල් සංස්ථාවේ දිනක පාඩුව රුපියල් මිලියන 551ක් – බදු අයින් කරන්න ඉල්ලුවා

    ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව දිනකට ලබන පාඩුව රුපියල් මිලියන 551ක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    මේ හේතුවෙන් ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස තමා මුදල් අමාත්‍යවරයාගෙන් අද ලිඛිතව ඉල්ලා සිටි බවද උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේය.

    දකුණු ආසියාවේ අඩුම ඩීසල් මිල පවතින්නේ ලංකාවේ බවද හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී කීය.

    සමස්ත ලෝකයේම ලංකාවට වඩා අඩුවෙන් ඩීසල් විකුනන්නෙ රටවල් 21ක් පමණක් බවද අමාත්‍යවරයා කියාසිටී.

    එසේ වුවද ඒ රටවල් යහමින් තෙල් නිපදවන රටවල් බවද අමාත්‍යවරයා කීය.

    ඉන්දියාවේ ඩීසල් මිල ලංකාවේ ඩීසල් මිල මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව ද හෙතෙම අවධාරණය කළේය.

    “අපිට වඩා දුප්පත් ඉන්දියාවේ… ඉන්දියාවේ ආණ්ඩුව පොහොසත් ජනතාව අපට වඩා දුප්පත්. ඒක පුද්ගල ආදායම බොහොම පහළ මට්ටමක තියෙන්නේ. එහෙව් ඉන්දියාවේ ඩීසල් මිල ලංකාවේ ඩීසල් මිලට වඩා දෙගුණයකටත් වඩා වැඩි. සමස්ත ලෝකයේම ලංකාවට වඩා අඩුවෙන් ඩීසල් විකුනන්නෙ රටවල් විසි එකක් පමණයි.

    තෙල් සංස්ථාවේ ගණනය කිරීම් අනුව පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 13ක්, 95 ලීටරයකින් රුපියල් 17ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 52ක්, සුපිරි ඩීසල් ලීටර් එකකින් රුපියල් 55ක්, භූමි තෙල් ලීටර් එකින් රුපියල් 63ක් අලාභ ලබමින් තමයි තෙල් විකිණීම කරන්නේ. ඒ අනුව දිනකට තෙල් සංස්ථාව ලබන පාඩුව රුපියල් මිලියන පන්සිය පනස් එකක්.

    සංස්ථාවට තවදුරටත් මේ විදියට තෙල් වෙළදාමේ යෙදී සිටින බැරි වෙනවා. මේ විදියට ගියොත් නුදුරු අනාගතයේ මේ රටේ තෙල් හිඟයක් ඇතිවීම කාටවත් වළක්වන්න බෑ නොලද මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් ලබාදෙන්න නොහැකිනම් නොහැකි නම් තෙල් ආනයනය සදහා සඳහා සදහා ලබාදිය සඳහා දැව ලබා දිය නොහැකියි කියලා ශ්‍රී ලංකා මහ බැංකුව බැංකුවේ අධිපතිතුමා ජනවාරි මාසයේ 28 වෙනිදා ලිඛිතව මට දැනුම් දීමක් කළා. මේ තත්ත්වය මත ඩොලර් නැති වීම කෙසේ වෙතත් රුපියල් නැති වීම මත නුදුරු දිනක තෙල් හිඟයක් රටේ ඇති වීමේ බරපතළ අවදානමක් පවතිනවා මේ අතර සංස්ථාව ගණනය කිරීම් අනුව පෙට්‍රල් 92 ලීටරයක් මත රුපියල් 42ක්, පෙට්‍රල් 95 පෙට්‍රල් ලීටරයක් මත රුපියල් 64ක් ඩීසල් ලීටරයක් මත රුපියල් 17ක්, සුපිරි ඩීසල් ලීටරයක් මත රුපියල් 39ක් යනාදී වශයෙන් බදු පනවා තිබෙනවා. මෙමගින් දිනකට රුපියල් මිලියන 368ක් මුදල් අමාත්‍යාංශයේ උපයා ගනු ලබනවා. මෙම බදු සියල්ල ඉවත් කළොත් සංස්ථාව දෛනිකව ලබන රුපියල් මිලියන 551 පාඩුවෙන් රුපියල් මිලියන 368ක්, ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අද දින මම ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර දෙන මෙන් මුදල් අමාත්‍යතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා.”

    මේ වන විට දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන හිගයක් පවතින බවට වාර්තා වේ.

    රටේ කිසිදු ඉන්ධන හිගයක් නැති බවත්, අවශ්‍ය ඉන්ධන තොග ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවත්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අවධාරණය කර ඇත.

    ඉන්ධනවල මිල ඉහළ දමාවී යැයි සැකයෙන් කවුරුන්හෝ ඉන්ධන සගවා සිටීනම් තෙල් සංස්ථාවට ඒ පිළිබද දුරකතනයෙන් දැනුම් දීමෙන් අදාළ නිලදාරීන්ගේ මැදිහත් වීමෙන් එම ගැටලුවද නිරාකරණය කර ගැනීමට හැකිබවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අප කළ විමසීමකදී කියා සිටියේය.

    මේ වන විට රට තුළ කිසිදු ඉන්දන හිගයක් නැති බවත් අවශ්‍ය ඉන්ධන තොග ඛණිජතෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img