Home උණුසුම් පුවත් ගාල්ල ධර්මපාල උද්‍යානය අලුත් වුණු හැටි

ගාල්ල ධර්මපාල උද්‍යානය අලුත් වුණු හැටි

0
ගාල්ල ධර්මපාල උද්‍යානය අලුත් වුණු හැටි

නවීකරණය කෙරුණු ගාල්ල ධර්මපාල උද්‍යානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (17) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණ.

ගාල්ල ඓතිහාසික කොටු පවුර අභියස පිහිටා ඇති දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් “ධර්මපාල උද්‍යානය” නිසි නඩත්තුවක් නොමැති වීමෙන් විනාශයට පත් වෙමින් තිබිණ.

පසුව එය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ ගාල්ල මහ නගර සභාවේ ඉල්ලීම මත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නවීකරණයට පියවර ගනු ලැබීය.

අංගසම්පූර්ණ ක්‍රීඩා පිටියක්, ආලෝකකරණ පහසුකම් සහිත එළිමහන් රංග ශාලාවක් ඇතුළුව උද්‍යානය නවීකරණයට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 200කි.

උද්‍යානය නිරීක්ෂණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ සිටි ජනතාව සමග කතාබහ කරමින් තොරතුරු විමසා බැලූ අතර එළිමහන් රංග පීඨයේ දී ඉදිරිපත් කෙරුණු සංස්කෘතිකාංග නැරඹීමට ද එක්විය.

ධර්මපාල උද්‍යානයේ එක් කෙළවරක ඉදිකර ඇති විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශන හා තොරතුරු මධ්‍යස්ථානය ද ජනාධිපති අතින් විවෘත කෙරිණ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, නාලක ගොඩහේවා, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ, ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු යන මහත්වරු, ප්‍රාදේශීය දේශපාලනඥයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here