තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙදිනක් තිස්සේ ඇෆ්ගන් ළිඳක සිරවූ දරුවා මියයයි

    තෙදිනක් තිස්සේ ඇෆ්ගන් ළිඳක සිරවූ දරුවා මියයයි

    ඇෆ්ගනිස්ථානයේ ළිඳකට වැටී දින තුනක් සිරවී සිටි දරුවා මියගොස් ඇති බවට තලේබාන් නිලධාරීන් තහවුරු කර තිබේ.

    ඇෆ්ගනිස්තානයේ දුෂ්කර ගම්මානයක ළිඳක දින තුනක් තිස්සේ මෙලෙස සිරවී සිටියේ පස් හැවිරිදි පිරිමි ළමයෙකි.

    කාබුල් අගනුවරට කිලෝමීටර් 400ක් නිරිත දෙසින් පිහිටි සාබුල් පළාතේ ෂෝකාක් නම් ගම්මානයේ හාරමින් සිටි ළිඳට හයිදර් නමැති දරුවා ලිස්සා ගියේය.

    අද උදෑසන තවමත් ජීවතුන් අතර සිටින බව නිලධාරීන් පැවසූ අතර පිරිමි ළමයා වෙත ළඟා වීමට ගලවා ගැනීමේ කණ්ඩායම් නොනවත්වා ක්‍රියා කර තිබුණි.

    පසුව ඔහු මිය ගිය බව නිවේදනය කෙරිණ.

    තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක අනාස් හකානි, ඔහුගේ සගයන් කිහිප දෙනෙකු විසින් පළකරන ලද ට්විටර් පණිවුඩයක, “ඉතා ශෝකයෙන් කියමි, හයිදර් දරුවා අපෙන් සදහටම වෙන් වී ඇත.”

    මොරොක්කෝවේ ළිඳකින් පිරිමි ළමයෙකු බේරා ගැනීමේ එවැනිම උත්සාහයකින් සති දෙකකට පමණ පසු මෙම මෙහෙයුම සිදුවිය. නමුත් එය අවසන් වූයේ ද දරුවා බේරාගැනීමෙන් මිනිත්තුවකට පසු මියයාමෙනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img