Home උණුසුම් පුවත් විදුලි බිල නොගෙවන අයට හෙට ඉඳන් වෙන දේ..

විදුලි බිල නොගෙවන අයට හෙට ඉඳන් වෙන දේ..

විදුලි බිල නොගෙවන අයට හෙට ඉඳන් වෙන දේ..

විදුලි බිල්පත් නොගෙවන පාරිභෝගිකයින් සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට කටයුතු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව ඔවුන්ගෙන් අමතර මුදලක් අය කරගැනීම හෝ ඔවුන්ට සැපයෙන විදුලිය විසන්ධි කිරීමට අදාළ නියෝගයක් හෙට (17) දිනයේ නිකුත් කරන බව එහි සභාපති ජනක රත්නායක මහතා කීය.

විදුලිබල මණ්ඩලයේ සහ ලෙකොහි පාරිභෝගිකයින් නොගෙවූ බිල්පත් මුදල රුපියල් බිලියන 50ක් බවද හෙතෙම කියා සිටියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

ලංකා විදුලිබල මණ්ඩලයට දින 45ක කාලයක් සඳහා අවශ්‍ය දැවිතෙල් හා ඩීසල් එකවර ආනයනය කර ගබඩා කරගැනීමට සැලසුම් කර ඇති බව ද ඔහු කීය.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාවය 47% දක්වා පහත වැටීමත් සමග ජාතික පද්ධතියට එක් කරන ජල විදුලිය ප්‍රමාණය මේ වනවිට සියයට 25 දක්වා අඩුවී තිබේ.

කැලණිතිස්ස, sojitz මෙන්ම මතුගම, කොළොන්නාව, කොලොන්නාව, තුල්හිරිය යන කුඩා බලාගාරද ඩීසල් අර්බුදය හේතුවෙන් මේ වන විට අක්‍රීයව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here