Home උණුසුම් පුවත් දශක තුනකට පසු බ්‍රිතාන්‍යයේ ඉහළම උද්ධමනයක්

දශක තුනකට පසු බ්‍රිතාන්‍යයේ ඉහළම උද්ධමනයක්

0
දශක තුනකට පසු බ්‍රිතාන්‍යයේ ඉහළම උද්ධමනයක්

දශක තුනකට පසු එක්සත් රාජධානියේ වාර්තා වූ ඉහළම උද්ධමනය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තා වී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛණ කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් ජනවාරි මාසයේද එක්සත් රාජධානියේ භාණ්ඩ හා සේවා වල මිල සියයට 5.5කින් ඉහළ ගොස් ඇති බවද එරට රජයේ දත්ත අනාවරණය කරයි.
බි්‍රතාන්‍ය ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරය එළැඹෙන අප්‍රේල් මාසය වන විට එරට උද්ධමනය සියයට 7 කට වඩා ඉහළ යාමට හැකියාවක් පවතින බවද මීට පෙර බි්‍රතාන්‍යයේ සියයට 7 ඉක්මවා උද්ධමනයක් වාර්තා වි ඇත්තේ 1992 වර්ෂයේ වීමට විශේෂත්වයකි.

මෙම තත්ත්වය අනුව බි්‍රතාන්‍යයේ වෙසෙන ඇතැම් ජනතාවට සිය දෛනි අවශ්‍යතා සපුරා ගැනීමේ අභියෝගයකටද මුහුණ දී සිටින බවත් බලශක්ති මිලය එහිදී සීඝ්‍රයෙන් ඉහළයාම ඇතුලු කරුණු හේතුවෙන් ජනයාගේ ජීවන තත්ත්වයට බලෑමක් එල්ල වී ඇති බවද ආර්ථික විද්‍යාඥයින් පෙන්වාදෙයි.

මේ අතර බි්‍රතාන්‍ය මධ්‍යම බැංකුව විසින් එරට පොලී අනුපාතය ඉකුත් දෙසැම්බර් මාසයේ සිට දෙවරක් ඉහළ දැමීමට පියවරගත් අතර එහිදී සියයට 0ට් සිට සියයට 0.5 දක්වා ඉහළ දැමීය.

පවතින තත්ත්වය අනුව එරට මූල්‍ය වෙළෙඳ පොල විසින් පොලී අනුපාත එළැඹෙන මාර්තු මාසයේදී සියයට 0.75 හෝ සියය 1ක් දක්වා ඉහළ යාමට ඉඩපවතිනු ඇති බවටද සැකපළකරයි.

බි්‍රතාන්‍ය මුහුණ දී සිටිනි උද්ධමන තත්ත්වයට මූලික වශයෙන් එරට බලශක්ති මිල ඉහළ යාම බලපා ඇති අතර ශීත සමයේදී බලශක්ති මිල ඉහළයාම හේතුනේ බි්‍රතාන්‍ය වැසියන් විශාල වශයෙන් පිඩාවටද පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here