සෑම ග්‍රාම නිලධාරි වසමකින්ම අඩු ආදායම්ලාභී පවුල් 40ක් සඳහා රුපියල් 2,000/-ක් වටිනා භාණ්ඩ මිල දී ගැනීමට හැකි වන පරිදි ප්‍රතිලාභී පවුල්වලට ඩිජිටල් කාඩ්පතක් ලබා දීමට රජය පියවර ගෙන තිබේ.
මෙම පවුල් තෝරාගනු ලබන්නේ විශේෂිත නිර්ණායක පදනම් කරගෙන අදාළ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය මත ය.
2022 ජාතික අයවැය යෝජනා මඟින් පුළුල් ගෘහ ආර්ථික සංවර්ධන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇත.
ඒ යටතේ එක් වැඩසටහනක් වශයෙන් ගෘහ ආර්ථික සුරක්ෂිතතා (සහන මල්ල) වැඩසටහන හඳුනාගනු ලැබ තිබේ.
එම වැඩසටහන යටතේ ජීවන වියදම ඉහළ යාමේ පීඩනය සැහැල්ලු කිරීම සඳහා මෙම පියවර ගැනේ.
එකී කාඩ්පත භාවිත කරමින් ගෘහ ආර්ථික සංවර්ධන ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන කාන්තා ව්‍යවසායකයින් මුල් කර ගත් කුඩා සුපිරි වෙළෙඳසැල් හරහා දේශීයව නිෂ්පාදිත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් පාරිභෝගික භාණ්ඩ මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත.
ඒ අනුව, එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.