Home දේශීය පුවත් විහිළුවකට 11 හැවරදි දරුවෙකුගේ කටට වෙඩි තබල

විහිළුවකට 11 හැවරදි දරුවෙකුගේ කටට වෙඩි තබල

0

සතුන් දඩයම් කිරීමට දේශීය වශයෙන් සකස්කරගත් කොටන තුවක්කුවකින් 11 හැවරදි දරුවෙකුගේ කටට වෙඩි තැබූ 21 හැවරදි තරුණයෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

දරුවාගේ ඥාතියෙක්ද වන සැකකාර තරුණයා විසින් එම වෙඩි තැබීම කර ඇත්තේ ඊයේ ය.

කටට බරපතල ලෙස තුවාල වූ දරුවා මේ වන විට බදුල්ල මහා රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහුට ජීවිත අවධානමක් නොමැති බව වෛද්‍යවරු විසින් තහවුරුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම විහිළුවට කළ එකක් බවත් අත් වැරදීමකින් වෙඩිල්ල පත්තුවී තිබෙන බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද පොලීසිය සොයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here