Home දේශීය පුවත් අධික වේගය දෙදෙනෙකුට දිවි අහිමි කරයි

අධික වේගය දෙදෙනෙකුට දිවි අහිමි කරයි

0

පුත්තලමේ සිට හලාවත දෙසට ධාවනය වෙමින් තිබුණු වෑන් රථයක් ආරච්චිකට්ටුවේදී යතුරු පැදි දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් දෙනෙක් මිය ගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ ය. නල්ලරන්කට්ටුව සහ අඩිප්පවල පදිංචිකරුවන් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය රියදුරුට පාලනයකර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ නතරකර තිබුණු යතුරු පැදියක මුලින්ම ගැටී ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කළේය. අනතුරුව වෑන් රථය පාලනයෙන් තොරව ඉදිරියට ධාවනය වී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටී තිබේ.

පොලීසිය සදහන් කරනු ලැබුවේ යතුරුපැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මිය ගිය බවය.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 51 ක් සහ 59 ක් වයසැති පුද්ගලයන් දෙදෙනෙකි.

වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here