Home උණුසුම් පුවත් බිම්ස්ටෙක් සමුළුව ලබන මාසයේ කොළඹ දී

බිම්ස්ටෙක් සමුළුව ලබන මාසයේ කොළඹ දී

බිම්ස්ටෙක් සමුළුව ලබන මාසයේ කොළඹ දී

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව ලබන මස 31 වැනිදා කොළඹ දී පැවැත්වෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

රටවල් හතක නියෝජනයකින් යුතු බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ මෙවර සභාපතිධූරය දරන්නේ ශ්‍රී ලංකාවයි.

මෙම සමුළුවට සහභාගීවන ලෙසට සාමාජික රටවල් හතටම ආරාධනා කර ඇතැයිද අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම දෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා ලබන මස 18 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි හෙතෙම කියා සිටියේය.

මෙය මෑතකාලීන වශයෙන් රටට ලැබෙන ඉතාම වැදගත් අවස්ථාවක් බවද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here