Home උණුසුම් පුවත් කැඩිලැක් ආවේ මෙහේ ඉන්න නෙවෙයි නැවෙන් ආපහු යන්නයි

කැඩිලැක් ආවේ මෙහේ ඉන්න නෙවෙයි නැවෙන් ආපහු යන්නයි

කැඩිලැක් ආවේ මෙහේ ඉන්න නෙවෙයි නැවෙන් ආපහු යන්නයි

වාහන ආනයන සීමා උල්ලංඝණය කරමින් ආනයනය කළ බව පවසමින් අධිවේගී මාර්ගයේ දුටු බව කියන සුඛෝපභෝගී වාහන දෙකක් ප්‍රදර්ශනය කෙරෙන සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයකට තුඩු දුන් වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

“ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි ශ්‍රී ලාංකික සමාගමක් විසින් අගය එකතු කිරීමෙන් පසු ප්‍රතිඅපනයනය කිරීමේ පදනම මත අදාළ වාහන ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දන්වා සිටී.

එම සමාගම විසින් කැඩිලැක් එස්කැලේඩ් වාහන දෙකක් එක්සත් රාජධානියට ප්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය ලියකියවිලි 2022.02.11 වන දින ආයෝජන මණ්ඩලය ඉදිරිපත් කර අනුමත කරවා ගෙන ඇති බවත් 2022.02.16 වන දින මෙරටට පැමිණීමට නියමිත mac maria saveria නෞකාව මගින් වාහන ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා රේගුව තහවුරු කර සිටී.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here