Home දේශීය පුවත් මාධ්‍යවේදී චමුදිතගේ නිවසට මැර ප්‍රහාරයක්

මාධ්‍යවේදී චමුදිතගේ නිවසට මැර ප්‍රහාරයක්

0
මාධ්‍යවේදී චමුදිතගේ නිවසට මැර ප්‍රහාරයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින නිවසට අද අළුයම නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් නිවාස සංකීර්ණයේ නිවසට සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පැමිණ ඇත්තේ යැයි පිළියන්දල පොලීසියට පැමිණිලි කර ඇත්තේ වෑන් රථයකිනි.

නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ දොරටුව බලහත්කාරයෙන් විවෘතරගෙන නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ලකරමින් තර්ජනයකර ඇති බවද පොලීසිය කියයි.

අනතුරුව එම කණ්ඩායම චමුදිත මහතා පදිංචි නිවසට ගල්මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක් එල්ලකර පළාගොස් තිබේ.

පිළියන්දල පොලීසිය සදහන් කරනුයේ ආරක්ෂක කැමරා පරීක්ෂාවක්ද කරමින් විමර්ශන පවත්වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here